ඔහුගේ පෙනුම ගැළපෙන්නේ මෙරට සිනාමට නොව බොලිවුඩයට බව ඔබට සිතේවී, ඔහු එතරම්ම කඩවසම් තරුණයෙක්, රංගනය, ගායනය , නිවේදනය වගේම සිතුවම් ඇඳීමටත් එකසේ දක්ෂ ඔහු මෙරට තරුණියන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය පුද්ගලයෙක් වෙනවා.

 

නමින් දර්ශන් තවරාජා නම් වූ ඔහුගේ ජීවිතය ගැන කිසිවෙකුත්  නොදත් කරුණු බොහෝමයක් පිළිබඳව අද ඔබට ගෙන එන්නේ ඔහු සහභාගි වූ සාකච්ඡාවක් ඇසුරෙනුයි.

දර්ශන් කියන අන්දමට ඔහු පාසල් කාලය තුළ කිසිවකට දක්ෂකමක් දැක්වූ අයෙකු නොවෙයි, අධ්‍යාපනයට වගේම කිසිදු විෂය  භාහිර ක්‍රියාකාරකමට කැපී පෙනන දක්ෂකමක් නොපෙන්වූ ඔහු පන්තියේ පසුපස රැඳී සිටින ළමයෙකු ලෙසයි පාසල් වියේ සිට ඇත්තේ, ඒ වගේම ඔහු කියන අන්දමට ඇඳුම්වල කුණු ගාගන්න තියන අකමැත්ත නිසාම ඔහු වෙනත් තරුණ ශිෂ්‍යයන් වගේ පොඩි පොඩි රණ්ඩු වලටවත් සහභාගි වෙලා නෑ.

 

පුංචි කාලයේ පටන් බිඳුණු පවුලක අත්දැකීම් හිමි දර්ශන්ගේ පවුලට බොහෝ සෙයින් හයියක් වෙලා තියෙන්නේ ඔහුගේ ආච්චි හා සීයා. ඔහු කියන අන්දමට ඔහුගේ පියාගේ දෛනික චර්යාවන්ගෙන් එකක් බවට මවට පහර දීම පත් වෙලා තියනවා. තමන්ගේ මව මේ විදියට දිනපතාම ගුටි කනවා බලන් ඉන්න බැරි පුංචි දර්ශන් වීදුරු බෝතලක් අම්මගේ අතට දීලා කියලා තියනවා “මේක කඩලා තාත්තට ගහන්න” කියලා. ඒ සිදුවීමත් සමග දෙමාපියන්ගෙන් විරසකය දර්ශන්ගේ ජීවිතයට එල්ල කරල තියන බලපෑම ගැන තේරුම් ගත්ත දර්ශන්ගේ සීයලා ඔහුගේ මවව දික්කාද කරවලා තියනවා.

“අපේ තාත්තගේ ප්‍රොෆෙසන් එක අම්මට ගහන එක, මම වෙන දෙයක් දැනගෙන හිටියේ නෑ’ 

පියා ගැන අහද්දි දර්ශන් උත්තර දෙන්නේ එහෙමයි.

 

පියාගේ වෙන්වීමෙන් පස්සේ දර්ශන්ගේ පවුල බලාගන්නේ ඔහිගේ අම්මගේ අම්මා එහෙමත් නැත්තම් ආච්චි විසින්, ඔහුගේ ආච්චි සතුව දේවාලයක් තියනවා, ඒකේ සාත්තර කීමෙන් ලැබෙන මුදල් වලින් තමයි දර්ශන් වගේම ඔහුගේ අම්මා, අක්කා ජීවත් වෙන්නේ.

 

ඒ වගේම ඔහු කියන අන්දමට ඔහුට තාත්තා ගැන ලොකු මතකයක් නොතිබ්බට අක්කට තාත්තා ගැන මතක තිබිලා තියනවා, පස්සේ ඔවුන් තරුණයන් විදියට සමාජයට එද්දි තාත්තාව හොයන්න පටන් ගෙන තියනවා, කොච්චර උත්සහ කළත් අන්තිමේ ගිය වසරේ තමයි දර්ශන්ට තමන්ගේ තාත්තව මුණ ගැහෙන්නේ, ඒ අවුරුදු 24 කට පස්සේ.

 

ඒ වෙද්දි තාත්තා ගෙවපු දුක්බර ජීවිතය දැක්කම දර්ශන්ට ලොකු වේදනාවක් දැනිලා තියනවා, මොනා වුණත් ඔහු දැන් සතුටු වෙන්නේ,තාත්තගේ අවශ්‍යතා සම්පූර්ණ කරමින් ඔහුව බලාගන්න තමන්ට පුළුවන් නිසා. 

දර්ශන්ගේ පෞද්ගලික ජීවිතය ගැන විස්තර ඒ වගේ වෙද්දි ඔහු ක්ශේත්‍රයට අඩිය තියපු හැටිත් හරිම රසවත්, උසස් පෙළැ අවසන් කරලා ජිම් යන්න පටන් ගත්ත දර්ශන් ඒවගෙන් දෙන සප්ලිමන්ට් එහෙම ගන්න තියන ආසාව නිසා තමයි චිත්‍ර අඳින්න යොමු වෙලා තියෙන්නේ, ඊට කලින් ඔහු දැනගෙන ඉඳලා නෑ ඔහු ඒ තරමට ඒකට දක්ෂයි කියලා.

 

කොහොම නමුත් දවසක් අහම්බෙන් ශක්ති ටීවී එකේ නිවේදක මහත්මයෙක් මුණ ගැහිලා ලැබුණු අවස්ථාවට දර්ශන් සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වෙලා තියනවා, තමන්ට චිත්‍ර පුළුවන් නිසා ඔහු කියලා තියෙන්නේ පසුතල නිර්මාණය වගේ රැකියාවක් ලබා දෙන්න කියලයි, නමුත් එහි සම්මුඛ සාකච්චා මෙහයවපු නිලධාරීන් විසින් දර්ශන්ට කියලා තියනවා, උත්සහ කරන්නත් එක්කම පොඩ්ඩක් නිවේදනය කරලා පෙන්නන්න කියලා, ඒකට අකමැති වෙච්ච දර්ශන් ඉක්මනට ගෙදර එන්න හිතාගෙන උවමනාවක් නැතුව නිවේදනය කරලා පෙන්නද්දි ඔහුව අධීක්ෂණය කරපු නිලධාරීන් ඔහු ඒක බොහොම සැහැල්ලුවෙන් කළ බවට කියලා එදාම රැකියාව ලබා දීලා තියනවා.

 

දර්ශන් තවරාජා ඒ විදියට තමයි රූපවාහිණී නිවේදකයෙක් විදියට කළ එළි බහින්නේ. 

 

දර්ශන් නිවේදකයෙක් විදියට තමන්ගේ රැකියාව කරගෙන යද්දි ඔහුව ලංකාව පුරාම එක පාරම ජනප්‍රිය වෙන්න ගන්නවා, කවුද මේ කඩවසම් තරුණයා කියලා හැමෝම හොයන්න පටන් ගන්නවා , ඒ රයිනි චාරුකාගේ “කළුවරට හිත බය හින්දා” මියුසික් වීඩියෝව එළියට ඒමත් එක්ක,

 

ඒ ගීතයේ විශුවල් එක සඳහා රංගනයෙන් දායක වීම දර්ශන්ගේ ජීවිතේ විශාලම සංධිස්ථානයක් බවට පත්වෙනවා, එච්චර කාලයක් පෙනි පෙනීම නොපෙනී වගේ හිටිය දර්ශන් ඉන්දියාවෙන් ආපු නළුවෙක්ද කියලා සැක කරපු පුද්ගලයෝ පවා සිටියා, මේ වෙද්දි දර්ශන්ගේ නමින් ෆේස් බුක් ෆෑන් පේජ්  පවා හැදිලා ඉවරයි.

 

ඒ වගේම දර්ශන්ගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි සිංහල සිනමාවට එක් වීම , ඒ වගේම ඉන්දීයානු සිනමා පටයක දුශ්ටයාගේ චරිතය රඟපාන්නත් ඔහුට ලොකු ආසාවක් තියනවා, ඒත් දර්ශන් කියන්නේ කොහේ මොන චිත්‍රපටියක රඟපෑවත් ඒ චිත්‍රපටි  ලංකාවේ විකාශනය වෙනවා බලන්න, තමන්ව තිරයෙන් දකිද්දි තමන්ගේ රසිකයෝ සතුටු වෙනවා බලන්න තමයි ජීවිතේ වැඩියෙන්ම ආසා කියලා.

ඒ වගේම දර්ශන් නොවැරදීම දිනපතා ජිම් යන කෙනෙක් , ඒ පුරුද්ද නිසාම ඔහුට මනාව නඩත්තු කරපු කඩවසම් සිරුරක් තියනවා.

 

කොහොම නමුත් මේ කඩවසම් තරුණයාට තමන්ගේ හැම හීනයක්ම ඉටු කරගෙන රසික ආදරය මැද තමන් බලාපොරොත්තු වෙන ජීවිතයේ ජීවත් වෙන්න ලැබේවා කියලා newsmania අපි හදවතින්ම සුබ පතනවා

 

මූලාශ්‍ර : https://www.youtube.com/watch?v=oAG9TWKx3CE

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්