මෙරට රාජ්‍ය සේවය තුළ නිශ්චිත කාර්ය භාර්‍යයක් නොමැති සේවකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සිටින බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා කියා සිටියි.

 

දෙරණ රූපවාහිණී නාලිකාව හා සකච්ඡාවකට එක් වෙමින් ඔහු විසින් මේ බව සඳහන් කර සිටි අතර වැඩි දුරටත් සඳහන් කරන්නට යෙදුනේ, මේ වන විට රාජ්‍ය සේවය තුළ සිටින ලක්ෂ 16 කට අධික රැකියා නියුක්තිකයන්ගෙන් තුනෙන් එකක පමණ පිරිස කම්කරුවන්, රියදුරන් හා කාර්යාල කාර්ය සහයකයන් වන බවයි.

 

මහා භාණ්ඩාගාරය විසින් වසරකට රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් ත්‍රිලියනයක් වෙන් කරන බව කියා සිටි ඔහු තව දුරටත් සඳහන් කර සිටියේ, නිසි ක්‍රමවේදයකින් තොරව සිදු කරන බඳවා ගැනීම් හේතුවෙන් මෙම අතිරික්තය හට ගෙන ඇති බවය.

 

නමුත් පවතින තත්වය තුළ තව දුරටත් මෙවැනි අතිරික්ත සේවකයන් පිරිසක් නඩත්තු කළ නොහැකි බව පෙන්වා දෙන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර සිටියේ, දැනට සේවයේ යෙදී සිටින රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවෙන් තුනෙන් එකක පිරිසක් නොමැතිව වුවද රාජ්‍ය සේවය ඉදිරියට පත්වාගෙන යා හැකි බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්