ගෙවී ගිය වසරක දෙකක කාලය තුළ ඉන්දියානු සිනමා තරු කිහිපයක ජීවිත උඩු යටිකුරු වී ගියේ ඔවුන් රැඟපෑ චිත්‍රපට පමණක් නිසාවෙන්ම නෙවෙයි.

 

පසුගිය කාලය තුළ ඇතැම් ඉන්දියානු තාරාකාවන්ට සිද්ද වුණා තමන්ගේ විවාහයන් කටුගා දමන්න, ඇතැම් විවාහයන් බිඳී යෑම පිළිබඳව අදටත් ඔවුන්ගේ රසික රසිකාවියන් පුදුම වන්නේ, එම යුවළවල් දික්කසාදය නිවේදනය කරන තුරුම බොහෝ සෙයින් ආදරෙන් ඉන්නා බවට ලෝකයට ඒත්තු ගැන්වූ නිසාමයි.

 

සමන්තා – නාග චේතන්‍යා 

 

සමන්තා – නාග චේතන්‍යා කැදැල්ල බිඳී ගියේ පසුගිය වසරේ ඔක්තෝම්බර් 2 වන දා, මේ වන විට ඔවුන්ගේ විවාහය බිඳී ගොස් වසරකට ආසන්න වුවත් ඔවුන්ගේ රසිකයන් බොහෝමයක් තවමත් ඔවුන් එකට සිටිනු දැකීමට අපේක්ෂා කරනවා.

තිරය මත එකිනෙකට බොහෝ සෙයින් කැපෙන මේ සොඳුරු යුවළ විරසක වීමට හේතුවක් මේ වන තෙක් හරි හැටි සඳහන් නොවුනද, සිය විවාහය දෙදරා යෑම සම්බන්ධයෙන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් සමන්තා කියා සිටියේ,ඔවුන් දෙදෙනාගේ විවාහය මෙයින් අවසන් වන නමුත් දශකයකටත් වඩා වැඩි මිත්‍රත්වය දිගටම පවතිනු ඇති බවට තමා විශ්වාස කරන බවයි.

 

 

එමෙන්ම ඔවුන්ගේ වෙන්වීමට මාසයක පමණ පෙර සිට දකුණු ඉන්දීය මාධ්‍ය විසින් සමන්තාගේ හා නාග චේතන්‍යා අතර විවාහයේ අර්බුද මතුව ඇති බවට විවිධ මත පළ කළ අතර, ඒ ආසන්න කාලයකදී  පැවති නාග චේතන්‍යාගේ පියාගේ උපන්දින සාදයට සමන්තා නොපැමිණීම  බොහෝ අයට විවිද අදහස් ඉදිරිපත් කිරීමට හොඳ මාතෘකාවක් බවට පත් වූවා.

 

කෙසේ හෝ ඔවුන්ගේ විවාහය බිඳී යෑමෙන් අනතුරුව  කංගනා රනවුට් විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ අතර, එහිදි ඇය සඳහන් කරන්නට යෙදුනේ සමන්තා සහ නාග චේතන්‍යාගේ වෙන්වීමට හේතුව වන්නේ අමීර් ඛාන් බවයි.

 

ඔවුන් දෙපළ සිය  දික්කසාදය පිළිබඳව නිවේදනය කිරීම සමග, සිය ඉන්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කන්ගනා කියා සිටියේ, බොලිවුඩයේ සිටින “දික්කසාද විශේෂඥයා” සමග ආශ්‍රය කර ටික දිනක් යාමට මත්තෙන්ම නාග චේතන්‍යා මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇති බවයි.

 

මෙහි දික්කසාද විශේෂඥයා වශයෙන් කංගනා සඳහන් කළේ  අමීර් ඛාන්ට වන අතර , එම දිනවල නාග චේතන්‍යා ලාල් සිංග් චඩ්ඩා හි රූපගත කිරීම් වල නියැළෙමින් සිටියා.

 

කෙසේ නමුත් ඔවුන් මේ වන විටත් වෙන්වී වසරකට ආසන්නයි. ලෝකයා ඔවුන්ගේ වෙන්වීම ගැන කුමන කතා කීවද එයට බලපෑ සැබෑ හේතුව දන්නේ ඔවුන්ම පමණයි.

 

අමීර් ඛාන් – කිරන් රාඕ

 

අමීර් ඛාන් හා කිරන් රාඕ විසින් සිය 15 වසරක විවාහ බැම්ම කඩා බිඳ දමන්නේ පසුගිය වසරේ ජූලි 3 වන දා, විවාහ වන විටත් ඔවුන් දෙපළට දාව අසාඩ් ඛාන් නැමති දරුවෙක් සිටි අතර, අමීර් ඛාන් විසින් සිය විවාහය අවසන් බවට ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබමින් තම් රසිකයන් දැනුවත් කර තිබුණා.

කිරන් රාඕ ට පෙර අමීර් ඛාන් බොලිවුඩ් නිළියක් වූ රීනා දත්තා සමග විවාහ වී සිටි අතර, ඇය ඔහුගේ තරුණ කළ පටන් පැවති ප්‍රේමයක් වූවා එම විවාහය තුළින්ද අමීර් ඛාන් හට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

 

 

 

කෙසේ නමුත් කිරන් රාඕ හා දික්කසාද වීමෙන් අනතුරුව අමීර් ඛාන් විසින් කියා සිටියේ ඔවුන්ගේ විවාහය අවසන් වුවද, ඔවුන් දෙදෙනා විසින් ඒකාබද්ධව ආරම්භ කළ වැඩසටහන් ඉදිරියටත් එලෙසම කරගෙන යාමට කටයුතු කරන බවයි.

 

 

එම වචන සත්‍යක් බවට පත් කරමින් දික්කසාදයෙන් පසුවද බොහෝ අවස්ථාවල ඔවුන් දෙදෙනා එකට සිටිනු දැක ගත හැකි වූ අතර, ඔවුන් එකට සාද වලට පවා සහභාගී වී තිබුණා.

 

ධනුෂ් -ඓශ්වර්යා රැජිණිකාන්ත්

 

ධනුෂ් හා ඓශ්වර්යා රැජිණිකාන්ත් සිය 17 වසරක සුග දිවියට අවසන් තිත බැබීම බොහෝ රසිකයන් ශෝකයට පත් කළ කාරණයක් වූවා, සුපිරි නළු රැජිණිකාන්ත් විසින් සිය දියණිව වූ ඓශ්වර්යා එවකට අධුනික නළුවෙකු වූ ධනුෂ් හට විවාහ කර දෙන්නට ඇත්තේම ධනුෂ් යම් දිනක සිනමා කර්මාන්ත තුළ නැතිවම බැරි නළුවෙකු වෙන බවට විශ්වාසය තබමින් විය හැකියි.

 

කෙසේ වෙතත් විවාහ වන විට ජනප්‍රියත්වයක් හෝ නළු පෙනුමක් නොතිබුණු ධනුෂ් සිය ජීවිතයේ බොහෝ ජයග්‍රාහි අවස්ථා ඓශ්වර්යා සමගින් එක්ව සැමරූ අතර, ඔවු දෙදෙනාට දාව දරු දෙදෙනෙකුද සිටිනවා.

කෙසේ වෙතත් ධනුෂ්ගේ විවාහය දෙදරා යෑමත් සමග ඇතැම් ඉන්දියානු මාධ්‍ය විසින් ධනුෂ් හා සමන්තා අතර සම්බන්ධයක් ඇති බවට සඳහන් කර සිටියද, පසු කාලීනව ඔහුගේ නම හා බොහෝ නිළියන්ගේ නම් ගෑවෙන්නට පටන් ගනු ලැබුවා, මේ වන විට ධනුෂ් හා සම්බන්ධකම් ඇති බවට බොහෝ නිළියන්ගේ නම් ප්‍රචාරණය වී අවසන්.

 

කෙසේ නමුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට විවාහයෙන් අනතුර ධනුෂ් හට එතෙක් වසර 17 ක් පුරාවට සිය දරුවන් සමග එකට වාසය කළ නිවස අතහැරීමට සිදුවන අතර, ඔහු වෙනම නිවසක් ගොඩනැගීම ආරම්භ කළ බවට තොරතුරු වාර්තා වී ඇත.

 

 

“තමා හා ඓශ්වර්යා යුවළක් ලෙස එකට ගෙවූ ජීවිතය අවසන්” යනුවෙන් මාධ්‍ය වෙත දැනුම් දෙමින් සිය විවාහය කටු ගා දැමූ මේ සුපිරි නළුවා පසුගිය අගෝස්තු 22 වනදා නැවතත් සිය පුතුගේ පාසලේ වැඩසටහනක් අතරතුර සිය දික්කසාද  බිරිඳ හා දරුවන් සමග එකට සිටුන ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වූවා.

 

 

කෙසේ නමුත් මෑත කාලය තුළ සුපිරි නළු නිළියන් කිහිප දෙඩ්නෙකුගේ විවාහ ජීවිත වල ඉරණම එසේ විසඳෙද්දි, ඔවුන් තවමත් තම වෘත්තීය හා අනෙකුත් කටයුතු සසාමාන්‍ය පරිදි සිදු කර ගෙන යනු ලබන්නේ, ජීවිතය යනු විවාහයම පමණක් නොවන බවට ලෝකයටම ආදර්ශයක්ද සපයමිනුයි.

 

 

http://www.newsmania.lk

සටහන : අක්ෂි මාපා වීරසිංහ

මෙන්න බලන්න තවත් පුවත්