පසුගිය මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ සාක්ෂි විමසීම අවසන් කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව නිලධාරීන් 35 දෙනෙකුගෙන් පමණ සාක්ෂි විමසූ බව එම කමිටුව සඳහන් කරයි.

හිටපු යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරු ඒ අතර වේ.

මෙම කොමිෂන් සභාව විසින් මැයි 9 වැනි දා දිවයිනේ සිදු වූ ප්‍රහාර වළක්වා ගැනීමේදී ආරක්ෂක අංශවලින් අඩුපාඩුවක් සිදුවූවාදැයි සොයා බැලීම සිදු කර තිබෙන අතර
මෙහි වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට නියමිතව තිබේ.

එම කමිටුවේ සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා කටයුතු කරන අතර හිටපු හමුදාපති දයාරත්නායක, හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රෝෂාන් ගුණතිල යන මහත්වරුන් එහි සෙසු සමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්