වර්තමානය තුළ මුහුණ පැමට සිදුව ඇති බලශක්ති අර්බුදයට ප්‍රභලම හේතුවක් ලෙස ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ දැකිය හැකි අඩුපාඩු හඳුනාගත හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියි.

 

දෙරණ රූපවාහිනි නාළිකාව සමග වැඩසටහනකට එක් වෙමින් මේ බව සඳහන් කළ ඒ මහතා තව දුරටත් කියා සිටියේ, මේ වන විට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු සංචිත අවසන් වෙමින් පවතින අතර, ඒ සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය හරහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 330 කට වැනි මුදලකට ලබා ගැනීම සඳහා රුසියානු සමාගමක් තෝරා ගත්තද , මේ වන විටත් චීන සපයන්නෙකු ද නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් මෙම සැපයුම් ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් වී ඇති බවයි.

 

දැනට තේරී පත්වී ඇති රුසියානු සැපයුම්කරු මාස මාස හයක පොළී රහිත හයක ණය කාල සීමාවක් ලබා දීමට එකඟ වී ඇති බවද, නමුත් ලංකාව තුළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉවත දමා වෙනත් සැපයුම්කරුවෙකුගෙන් අව්ශ්‍ය දේ ලබා ගැනීම නිරන්තරයෙන් සිදු වන බවද සඳහන් කළ ඔහු තව දුරටත් කියා සිටියේ, ඒ හරහා ලාබ ලබනුයේ රජය හෝ ජනතාව නොව වෙනත් පාර්ශවයක් බවයි.

 

“ලංකාවේ ප්‍රසම්පාදන, ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය පැත්තකට දාලා කාගේ හරි unsolicited spot buyer  කෙනෙක්ගෙන් තමයි සාමාන්‍යයෙන් ගන්නේ. මේකේන් ලාබ ලබන්නේ කවුද කියලා මම දන්නේ නෑ.මම හිතන්නේ ආණ්ඩුවට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නෑ. මහජනතාවට වෙන්නේ ලොකු වැඩි මිලක් හැමදේටම ගෙවන්න.”

ඔහු කියා සිටියේය.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්