පසුගිය දිනවල දැඩි ලෙස මතබේදයන්ට තුඩු දුන් හැටන් සමර්හිල් වතුයායේ සිදුවූ කඳුකර කොටියාගේ මරණය පිළිබඳව සිදු කළ පරීක්ෂණ වාර්තාව නිකුත් වී ඇත.

 

පසුගිය 7 වනදා සිදුවූ මෙම මරණයත් සමග ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටු වාර්තාවට අනුව මෙම කොටියාගේ මරණයට හේතු වී ඇත්තේ පැය ගණනාවක් පුරාවට මද්දකට හසුවී උස් ගසක පහතට එල්ලී සිටීම හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානී සිදු වීමයි.

 

එමෙන්ම  එම කමිටු වාර්තාව මගින් තව දුරටත් දක්වා ඇත්තේ කොටියා ගසට යටවී නොමැති බවයි.

 

නමුත් කොටියා බේරා ගැනීම සඳහා ගස කපා දැමීම සිදු කිරීම අනුමත කිරීමක්  නොකරන බව සඳහන් කර ඇති එම කමිටු වාර්තාව මගින් , අවම පහසුකම් හමුවේ සත්වයා බේරා ගැනීමට උත්සහා දරා තිබුණද , ගස කැපීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට දැඩි ලෙස අවවාද කළ යුතු බව දන්වා ඇත.

 

තවද මෙම වාර්තාව මගින් කඳුකර කොටි ගහණය ආරක්ෂා කර ගැනීම සඳහා නිර්දේශ 25 ක් දක්වා ඇති අතර, එය මේ වන විටත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හට භාර දී තිබේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්