විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා කඩිනමින් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා විශේෂ කවුළුවක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විවෘත කොට තිබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව නව විශේෂ කවුළුවක් විවෘත කිරීමට විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අනුමැතිය ලබා දුනි.

ඒ අනුව ඊයේ සිට රැකියා සඳහා විදේශගත වීමට බලාපොරොත්තු වන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා කවුන්ටරය විවෘත කිරීමට තීරණය කර ඇත.

විදේශ රැකියා සඳහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා නිරන්තරයෙන් කරන ඉල්ලීම් හේතුවෙන් ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව අමාත්‍යවරයා වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙම විශේෂ කවුළුව විවෘත කෙරිණි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්