ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි සැකකරුවන් 07 දෙනා යළිත් ලබන මස 07 වනද දක්වා තවදුරටත් ‍රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කොට තිබේ.

එම සැකකරුවන් ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අභිරේක
සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඉදිරිපත් කළ විරෝධතා සැලකිල්ලට ගෙන
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්