පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ නොසන්සුන්තාව අතරතුර මරදාන, පංචිකාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයකට අදාළව කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පොලිස් රථ දෙකකට පහරදී ගිනි තැබීම සහ එම වාහනවල ගමන් ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සහ පොලිස් අධිකාරීවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකළ බවයි .

පොලිස් රථ දෙක තුළ තිබී රන් ආභරණ කොල්ලකෑම සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකර ඇති බවත් මෙම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සොරාගත් රන් ආභරණ ළඟ තබාගෙන සිටි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මෙම කාන්තාව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක් බවට හඳුනාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්