කොට්ටාව ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් සිද්ධියකට අදාළව පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලබේ පොලිසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරුන් තිදෙනෙකුයි.

 

ඔවුන් විසින් වලස්මුල්ල වීරකැටිය ප්‍රදේශයෙ පදිංචි හරුණයෙකු සතුව තිබූ ජංගම දුරකථනයක් හා රන් මාලයක් සොරා ගෙන ඇති අතර, අදාළ තරුණයා කොට්ටාව පිහිටි තම සොයුරියගේ නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදි, ත්‍රී රෝද රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනා විසින් මාර්ගයක් විමසන මුවාවෙන් මෙම මංකොල්ලකෑම සිදු කර ඇත.

 

පසුව විමර්ශන අතරතුර, කොල්ලකෑම සඳහා යොදා ගත් ත්‍රී රෝද රථය හා , කොල්ලකනලද රන් මාලය හා ජංගම දුරකථනය සොයා ගැනීමට හැකි වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්