තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

මෙලෙස ඝාතනය වී ඇත්තේ දණ්ඩගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු මාර්ගය අසළ රැඳි සිටියදි යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධ වලින් පහර දී තිබේ.

 

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්