අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

 

මොවුන් මේ වන විට රඳවා තබා ගන්නේ දින 90 ක රැඳවුම් නියෝග යටතේ වන අතර, මේ පිළිබඳව දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ, මොවුන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නියැළී ඇත්දැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදු කරන බවයි.

 

ජනාධිපතිවරයා විසින් මොවුන් දින 90ක් රඳවා තබා ගැනීම සඳහා ඊයේ (22) අනුමැතිය ලබා දුන් අතර මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් මොවුන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්