වෙළඳසැලකින් මුදල් සොරකම් කිරීමට උත්සාහ කළ 13 හැවිරිදි දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ බණ්ඩාරගම – නාමළුව ප්‍රදේශයේ දී.

සැකකාර පිරිමි ළමයා වෙළඳසැල් හිමියාට පිහියකින් පහර දී වෙළඳසැල කොල්ලකෑමට උත්සාහ කර ඇතත් එය වළක්වා ගැනීමට වෙළඳසැල් හිමිකරු සමත් වී තිබේ.

සිද්ධියෙන් පසු සැකකරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර පසුව ඔහු සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පහරදීම හේතුවෙන් 33 හැවිරිදි වෙළඳසැල් හිමිකාරියගේ උදරයට සහ දකුණු අතට තුවාල සිදුවී ඇත.

මීට පෙර කිහිප වතාවක්ම සැකකාර පිරිමි ළමයා එම වෙළෙඳසලට පැමිණ මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බව වෙළෙඳසල් හිමිකරු පොලිසියට පවසා තිබේ.

ඒ අනුව සැකකාර පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව දෙමාපියන්ට භාරදුන් බව පොලිසිය සඳහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්