සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ලක්මාල් දේවප්‍රිය අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අද පෙරවරුවේ කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් මෙම ශිෂ්‍ය ක්‍රියාකාරිකයාව අත්අඩංගුවට ගත් බව සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසයි.

ඉන් අනතුරුව රංගන ලක්මාල් දේවප්‍රිය කොළඹ කොටුව පොලිසිය භාරයට ගත් බව එම සංගමය වැඩිදුරටත් කියා සිටී.

මේ අතර, ජූලි මාසයේ පැවති මහජන විරෝධතා අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ දෙවන පුද්ගලයා වන චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ ද අත්අඩංගුවට ගෙන තිබේ.

චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නැමැත්තා අද කුරුඳුවත්ත පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්