මේ වනවිට රැදවුම් නියෝග මත සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙන බව වාර්තා වේ,

කොළඹ ගෑස් පහ ප්‍රදේශයේ දී විරෝධතාවයක් අතරතුර පත්වූ වසන්ත මුදලිගේ, ඔහු සමග සිටි ගුණතිලක සිරිවර්ධනලාගේ හෂාන් ජීවන්ත ගුණතිලක හා ගල්වැව සිරිධම්ම හිමි ද පසුගිය 19 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් පසුගිය කාලය තුළ රාජ්‍ය විරෝධී කිසියම් කුමන්ත්‍රණයකට සම්බන්ධ වී තිබේද යන්න සහ කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වී ඇත්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස පොලිස් ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති අතර
ඔවුන් කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වූ බවට අනාවරණය වුවහොත් එම පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) භාර දෙන ලෙස ද පොලිස් ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්