පසුගිය මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ‘gotagohome’ විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් පැරීසියේ පෙළපාලි සංවිධානය කළ පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පසුගිය සෙනසුරාදා නිට්ටඹුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් ප්‍රංශයේ පදිංචි අර්ජුන අමදෝරු නැමැත්තා ශ්‍රී ලංකාවේ සිටින සිය පවුලේ අය බැලීමට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන අවස්ථාවේදී සැකකරු ශ්‍රී ලංකාවේ සිටි බවත් පසුව ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය කියා සිටී.

ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්