හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් දක්වමින් සදහන් කරයි.

ඉදිරියටත් ඔහු දේශපාලනයේ රැදී සිටින බවත් විශ්‍රාම යන්නේ සුදුසු වෙලාවට පමණක් බවත්
ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය දීමට ඔහු අවශ්‍යද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවරෙන බව පෙන්වා දුන් ඔහු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ සියලු රෝගාබාධවලට වගකිව යුතු නොමැති බවයි.

ඔහුගෙන් ඉල්ලා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂට රට හැර නොයන ලෙස ඔහු උපදෙස් දෙන බව මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

අවාසනාවකට ඔහු (ගෝඨාභය) ක්‍රියා කළේ ඔහු විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මත බැවින් ඔහුට දොස් පැවරිය නොහැකි බව ඔහු කියා සිටී.

එතුමා ආරක්‍ෂක ලේකම්ව සිටියදී මනා පරිපාලන දක්‍ෂතාවක්‌ පෙන්නුම් කළ බවත් ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වී තිබූ බවත් ඔහු ඉදිරියේ තිබූ කාර්යය නිවැරදිව අවසන් කළ යුතුව තිබුණ බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්