මේ වන විට ගෝඨා ගෝ හෝම් වෙනුවට ගෝඨා කම් හෝම් නමින් නව වැඩටහනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසියෙකු ලෙස යළි මෙරටට පැමිණීමට අයිතියක් ඇති නමුත් එය හරහා පොදුජන පෙරමුණේ යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

අද (21) පැවති ජනහමුවකදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

මේ ක්‍රියාත්මක වෙන්නේ අමුතුම මාදිලියේ කපුටු කුමන්ත්‍රණයක් බව පෙන්වා දුන් ඔහු අවධාරණය කලේ ඇමතිවරු පත්කර ගැනීමට කපුටු පොහොට්ටුව නම් ලැයිස්තුවක් ද යවා ඇති බවයි.

මේ ක්‍රියාත්මක වන්නේ බංකොළොත් වෙච්ච රට ගොඩනැගීම වෙනුවට බංකොළොත් බව තවත් වැඩි කිරීමට බව ඔහු වැඩිහුරටත් පවසයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්