මෙවර ආසියානු කුසලාන සංචිතයට නම් කර තිබූ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් දුශ්මන්ත චමීරගේ නම ඉවත් කොට තිබේ.

 

පුහුණුවීම් අතරතුර මුහුණ දීමට සිදුවූ අබාධ තත්වයක් හේතුවෙන් ඔහුට මෙම සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇති අතර ඒ පිළිබඳව දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටින්නේ ඔහු වෙනුවට කණ්ඩායම සඳහා නුවන් තුෂාර කැඳවා ඇති බවයි.

 

මේ වන විට නුවන් තුෂාර ක්‍රීඩකයාගේ නම අනුමැතිය සඳහා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්