ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්වූයේ අලියෙකු මෝටර් රථයේ ගැටීමෙන් බව සදහන් කලද මෙතෙක් එවැනි අලියෙකු ගැන තොරතුරු සොයා ගැනීමට නොහැකි ව තිබෙන බව අනුරාධපුර වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරි රත්නසිරි පෙරේරා මහතා කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ පුවත්පතකට අදහස් දක්වමීනි.

සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අනතුරෙන් තුවාල ලැබුවා යැයි කියන අලියා පිළීබද පුවත සම්පූර්ණයෙන් ම අසත්‍යයක් බව ඔහු කියා සිටි.

එවැනි තුවාල ලැබූ අලියකු වී නම් එම සත්වයා ගමන්ගත් මාර්ගයක ලේ සලකුණක් හෝ තිබිය යුතු බවත් එහෙත් එවැනි කිසිදු සලකුණක් වනජීවී නිලධාරීන්ට හමු නොවූ බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම සිදුවීම අත්දැකීම් සහිත වනජීවී නිලධාරීන්ට පවා බරපතළ ගැටලුවක් බව ඔහු සඳහන් කරයි.

අනතුරින් පසුව එම අලියා රංචුව හැර ගියත් තනිව වැඩි කලක් සිටින්නේ නොමැති බවත් අනතුරෙන් පසුව මාසයකට අධික කාලයක් ගත වී ඇති බැවින් එසේ නම් නැවත රංචුවට එකතු වී සිටිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් වනජීවී නිලධාරීන් නිරීක්ෂණයට ලක් කළ අලි රංචුවල අනතුරකට ලක් වූ එවැනි අලියකු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව පැවසූ ඔහු එවැනි අලියෙකු සිටී දැයි සෙවීමට තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්