පසුගිය 16 වනදා දිවයිනට පැමිණි යුවාන් වෑන්ග් -5  චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ යළි චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළේ පස්වරු 4ට චීන නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත බවට දැනුම් දී ඇති බවයි.

දැඩි ආන්දෝලනයකට තුඩුදුන් මෙම නෞකාව ජුලි මස 12 වනදා දිවයිනට පැමිණීමට නියමිතව තිබුණද පැවැති ගැටලුකාරී වනවරණය හමුවේ එම ගමන කල් දැමීමට තීරණය කර තිබුණි.

දින 6ක සංචාරයක් සඳහා නෞකාව දිවයිනට පැමිණිය ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ එම නෞකාව මඟින් ශ්‍රී ලංකා ඔහුදු තීරයේ කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සිදු නොකරන බවයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්