භූමිතෙල් භාවිතා කරනු ලබන අඩු ආදායම්ලාභීන් හට සහනාධාරයක් ලබා දීම සඳහා කටයුතු කරන බවට අමාත්‍ය කාංචන විජේසේකර කියා සිටියි.

ට්විටර් පණිවිඩයක් හරහා මේ බව සඳහන් කර සිටින ඔහු තව දුරටත් කියා සිටින්නේ, භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල් මෙන්ම ධීවර හා වැවිලි ක්ෂේත්‍ර සඳහා සෘජු මුදල් සහනාධාරයක් ලබා දීමට රජය විසින් යෝජනා කර ඇති බවයි.

එමෙන්ම භූමිතෙල් මිල මීට වසර කිහිපයකට පෙර සිටම සංශෝධනය කළ යුතුව තිබූ බව කියා සිටින අමාත්‍යවරයා මේ වන විට එහි මිල පිරිවැයට සමපාත වන බව කියා සිටි අතර තව දුරටත් සඳහන් කර සිටින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට ප්‍රධාන හේතුවක් ලෙස සහනාධාර මිලට භූමිතෙල් ලබා දීම හඳුනාගත හැකි බවයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්