රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයකුගේ දියණියක් සැකකටයුතු කාර් බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 29 හැවිරිදි Darya Dugina නම් වූ තරුණියක් වන අතර, මොස්කව් නගරයෙන් පිටත මාර්ගයක සිදුවූ පිපිරීමකින් ඇය මිය ගොස් ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින් හෙවත් “පුටින්ගේ මොළය” ලෙසින් හැඳින්වෙන ඇගේ පියා මෙම ප්‍රහාරයේ අරමුණ විය හැකි බවයි.

ඩුගින් මහතා රුසියානු ජනාධිපතිවරයාට සමීප යැයි සැලකෙන ප්‍රමුඛ අන්ත ජාතිකවාදී මතවාදියෙක් වන අතර,
ඔහු සහ ඔහුගේ දියණිය මොස්කව් අසල උත්සවයකට සහභාගී වීමෙන් අනතුරව නැවත එකම වාහනයකින් පිටවීමට තීරණය කර තිබුණත් පසුව ඔහු වෙනම පිටවී ගොස් ඇත.

මෙම ප්‍රහාරය පිළිබඳව දක්වමින් රුසියානු මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෝටර් රථයට යටින් සවිකර තිබූ පුපුරණ ද්‍රව්‍යයක් හේතුවෙන් මෙම පිපිරීම ඇති වූ බව හා Darya Dugina එම ස්ථානයේම මියගොස් ඇති බවයි.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති අතර, යුක්‍රේනය විසින් එම ප්‍රහාරය එල්ල කළ බවට නැගෙන චෝදනා වලට පිළිතුරු දෙමින් එරට බලධාරීන් කියා සිටින්නේ එම ප්‍රහාරයට කිසිදු යුක්‍රේන මැදිහත් වීමක් නොමැති බවය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්