උතුවන්කන්ද සරදියෙල් ගලෙන් ඇද වැටී තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විරෂ්මි කොඩිතුවක්කු නැමති 27 හැවිරිදි තරුණියකි.

කෘෂිකර්ම උපදේශිකාවක් වශයෙන් කටයුතු කරන ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරිනියකි.

ඇය මෙම අනතුරට ලක්වී ඇත්තේ අද (21) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් පිරිසක් සමග සංචාරයකට පැමිණි අවස්ථාවකයි.

මෙම සංචාරය අතරතුර උතුවන්කන්ද තරණය කිරීමට ගිය අවස්ථාවේදි ඇය පය ලිස්සා ඇද වැටී ඇති අතර පසුව මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්