ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය ධුර දැරීමට සුදුසු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර තිබෙන බව මව්බිම පුවත්පත වාර්තා කර තිබේ.

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉතා අඩු විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද ඊට ඇතුළත් කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටී.

ඔහු කියා සිටියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක ප්‍රධාන වගකීමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පැවරී ඇති බවත්, එම වගකීම් ඉටුකර ජනතාවට සේවය කිරීම පක්ෂයේ වගකීම බවත් ය.

ඒ අනුව ප්‍රසන්න රණතුංග, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, බන්දුල ගුණවර්ධන, සනත් නිශාන්ත සහ කාංචන විජේසේකර මන්ත්‍රීවරුන් ජනපති ලැයිස්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්