පාපැදියක් අනතුරට ලක් වීම හේතුවෙන් පාසල් සිසුවෙක් මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 13 හැවිරිදි දික්වැල්ල කෝණ්දෙණිය ප්‍රදේශයේ පිරිමි දරුවෙකි.

අනතුරෙන් ලැබූ තුවාල හේතුවෙන් දිවැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු මිය ගොස් ඇත.

දරුවන් දෙදෙනෙකු මෙම පා පැදේ ගමන් කරමින් සිට ඇති අතර තිරිංග නොමැති වීමෙන් පා පැදිය තාප්පයක ගැටී තිබේ, පා පැදියේ ගමන් ගත් අනෙක් සිසුවා දිකැවැල්ල රෝහලටත් පසුව මාතර රෝහලටත් ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ.

 

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්