තරුණයෙකු පොලිස් සෝදිසි කිරීමකට බියවී වැවට පැන මිය පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

කුරුණෑගල වැව රවුම ආශ්‍රිත ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර අද උදෑසන තරුණයෙකු පිළිබඳව සැක සිතී ඔහුව සෝදිසි කිරීමට යාමේදි එම තරුණයා වැවට පැන ගිලී අතුරුදහන්ව තිබේ.

පසුව පොලිස් ජීවීතාරක්ෂක අංශයේ කිමිදුම්කරුවන් විසින් වැවේ ගිලී මිය ගොස් සිටි තරුණයාගේ දේහය සොයා ගෙන ඇති අතර, ඔහුගේ අතක ගුලි කරගෙන සිටි මත් කුඩු බවට සැක කරන පැකට්ටුවක්ද හමුවී ඇත.

කුරුණෑගල පොලිසිය විසින් වැඩි දුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්