ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීම පැමිණ තිබේ.

පසුගියදා තලාව ප්‍රදේශයේ සිදුවූ විශාල අනතුරකින් ජැක්සන් ඇන්තනී රෝහල් ගත කෙරුණ අතර අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කෙලේ අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බවයි.

මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්