අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙක් රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලිසිය විසින් තීරණය කර ඇත.

මේ පිළිබඳව දක්වමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සඳහන් කර සිටින්නේ වසන්ත මුදලිගේ ට අමතරව පූජ්‍ය ගල්ගම සිරි ධම්ම හිමියන් හා හර්ෂාන්ත ජීවන්ත ගුණතිලක යන අයව මෙලෙස රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ප්‍රශ්න කෙරෙන බවයි.

පසුගිය අප්‍රේල් 9 වෙනිදා සිටි අරගලය තුළ සිදුවූ සිදුවීම් වලට අදාළව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්