ඉන්ධන අර්බුදය සහ ඇතිවූ ගැටළුකාරි තත්ත්වයන් හේතුවෙන්, 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරික්ෂණ සඳහා සහභාගී නොවූ අපේක්ෂකයින්ට අද (19) සිට නැවත එම පරීක්ෂණ ආරම්භ වන බව, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව හෙට (20) සහ අනිද්දා (21) දිනවල ද අදාළ ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වෙන බවත් අදාළ පරීක්ෂණ අවසන් කර, තවත් සති දෙකකින් උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කරයි.

මේ අතර අද (19) සිට අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවල තුන්වන අදියර ආරම්භ කර ඇති අතර 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ දිනය ලබන 26 දක්වා දීර්ඝ කර තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්