“හැරී පොටර්” කතාමාලාවේ ලේඛිකා JK Rowling හට එල්ල වූ ජීවිත තර්ජනය පිළිබදව එක්සත් රාජධානියේ පොලිසිය විමර්ශනය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බටහිර නිව් යෝර්ක් හි සිකුරාදා පිහි ඇනුමකට ලක් වූ නවකතාකරු සල්මන් රුෂ්ඩි වෙනුවෙන් ඇය සිය සමාජ මාධ්‍ය  ඔස්සේ ශෝක පළ කිරීමෙන් අනතුරුව මෙම තර්ජනය ඇයට එල්ල වී තිබුණි.

නවකතාකරු සල්මන් රුෂ්ඩිට පහරදීම “බිහිසුණු පුවතක්” බවට ඇය පළකල සිය ට්විටර් පණිවිඩයට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකු සඳහන් කර තිබුණේ ” මීළගට ඔබ ” ලෙසයි.

Warner Bros. Discovery සමාගම ද JK Rowling මහත්මියට එල්ල වූ මෙම තර්ජනය හෙළා දකිමින් ප්‍රකාශයක් ඉදිරිපත් කොට තිබුණි.

“අපි ඇය සමඟ සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ අදහස් නිර්භීතව ප්‍රකාශ කරන සියලුම කතුවරුන්, කතන්දරකරුවන් සහ නිර්මාණකරුවන් සමඟ සිටිමු” යනුවෙන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි අතර ඔවුන්ද රුෂ්ඩි මහතාට සහ ඔහුගේ පවුලේ අයට ශෝකය පළ කළේය.

මේ වන විට රුෂ්ඩි මහතා රෝහලක රැඳී සිටින අතර, ඔහුගේ නියෝජිතයා පැවසුවේ ඔහු සුවය ලබමින් සිටින බවයි.

newsmania.lk 

 

මෙන්න බලන්න තවත් පුවත්