මේ රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ පාලනය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

සමගි ජනබලවේගයේ කිසිවකුත් ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට පත් නොවන බව ඔහු කියා සිටී.

මේ වන විට රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක් වීමට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර තෝරා ගැනීම බව ඔහු පෙන්වා දෙයි.

රටට අවශ්‍ය වන්නේ ඇමති වරදාන පළඳවා ගනිමින් තනතුරු පිටුපස යන පිරිසක් නොවන බවත් අවධාරණය ක‍ළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැන් වහාම සිදු කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව විමසීම බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ රක්වාන සමගි ජනබලවේගයේ සංවිධායක බී.කේ ආරියවංශ මහතා විසින් ඊයේ (14) සංවිධානය කරනු ලැබූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින්.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්