ඊයේ (14) දිනය තුළ ඝාතන සිදුවීම් දෙකක් වාර්තා වී ඇත.

 

මෙම සිදුවීම් දෙක වාර්තා වී ඇත්තේ පේරාදෙණිය හා මහකුඹුක්කඩවල යන ප්‍රදේශ වලිනි.

 

බහින්බස්වීමක් දුර දිග යෑම හේතුවෙන්, පුද්ගලයෙකු විසින් කාන්තාවකට හා පුරුෂයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර පසුව පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව මිය ගොස් තිබේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි, පිලපිටිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඝාතනය  සිදු කළායැයි සැකක කෙරෙන ඇගේ නැගණියගේ ස්වාමිපුරුෂයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

 

අනෙක් ඝාතන සිදුවීම වාර්තා වන්නේ මහකුඹුක්කඩවල, කවයන්කුලම ප්‍රදේශයෙන් වන අතර, එලෙස මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි කෝන්වැව, මහව ප්‍රදේශයේ පදිංචිකාරයෙකි.

 

මත්පැන් සාදයක් අතරතුරු ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඔහු හා මත් පැන් පානයට එක් වූ සගයෙකු විසින් පොලු ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ඔහු මිය ගොස් ඇත.

 

සිදුවීම් දෙකටම අදාළ සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්