ඊජිප්තු කොප්ටික් ක්‍රිස්තියානි දේවස්ථානයේ ඉරිදා දිව්‍ය පූජාව අතරතුර විදුලි කාන්දුවක් නිසා ඇති වූ ගින්නකින් පුද්ගලයින් 41 දෙනෙකු පමණ මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය අයගෙන් වැඩි දෙනෙක් ළමයින් බවත් එම අවස්ථාවේ ඇති වූ තෙරපීම නිසා බොහෝ දෙනෙකු මිය ගිය බවත් විදෙස් මාධ්‍ය සදහන් කරයි.

1000ක් පමණ පිරිසක් රැස්ව සිටි ගීසා නගරයේ අබු සිෆින් දේවස්ථානයේ පෙරවරු 9.00ට පමණ පෙර මෙම ගින්න හටගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, දෙවන මහලේ වායුසමීකරණයේ විදුලි දෝෂයක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි.

පසුගිය කාලය පුරාවටම ඊජිප්තුව මෙලෙස මාරාන්තික ගිනි ගැනීම් කිහිපයකටම ගොදුරු විය.

2021 මාර්තු මාසයේදී කයිරෝවේ නැගෙනහිර තදාසන්න ප්‍රදේශයේ රෙදිපිළි කම්හලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබුණ අතර 2020 අගභාගයේදී, ද COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබුණී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්