රංජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව ලබා දීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශ දිරිපත් කර ඇත.

අද සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ ප්‍රකාශ කර සිටි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත් බවයි.

එහිදී ඔහු විසින් වැඩි දුරටත් කියා සිටියේ එවැනි කටයුත්තකදී නීතිපති උපදෙස් ලබා ලබාගැනීම අවශ්‍ය නොවුනත් පාරදෘශ්‍යභාවය සඳහා තමන් එම උපදෙස් ලබා ගැනීම සිදුකළ බවයි , එමෙන්ම ඊට අමතරව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගෙන් ඔහු පිළිබඳව වාර්තාවක් ලබා ගත් බව කියා සිටි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා හට සමාව ලබාදීම ඉතාමත් සාධාරණ බවය.

එහිදී අධිකරණය අවතක්සේරු නොවන ආකාරයෙන් එම කටයුතු සිදු කිරීම සඳහා, රංජන් රාමනායක මහතා විසින් අධිකරණය පිළිබඳව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලමින් දිවුරුම් ප්‍රකාශයක් ලබා දිය යුතු බව ද, ඉන් අනතුරුව ඔහුට ජනාධිපති සමාව ලබා දීම සුදුසු බවද වැඩිදුරටත් අමාත්‍යවරයා විසින් සඳහන් කරන්නට යෙදුනි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ රංජන් රාමනායක මහතාහට ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්