2019 වසරේ සිදුවූ ජේලර්වරයෙකුගේ ඝාතනයට සැකපිට උපුල් රාජපක්ෂ හෙවත් “නාකියා” නැමැති තැනැත්තෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලෙහි ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයුතු කළ තිළිණ රුවන් මහතාව 2019 වසරේ අගෝස්තු මාසයේ දිනකදි අම්බලන්ගොඩ කුලීගොඩ ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එකල මාධ්‍ය වාර්තා කර සිටියේ අදාළ ජේලර්වරයා පාතලය සමග පැවති සම්බන්ධකම් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි.

 

කෙසේ වෙතත් පසුව කරන ලද පරීක්ෂණවලදි මෙම ඝාතන සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු වශයෙන් “නාකියා” නැමැත්තා හඳුනාගැනීමට හැකි වූ අතර,ඊයේ (10) රාත්‍රියේ අපාරධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන  කොට්ඨාසයේ විසින් රත්ගම ප්‍රදේශයේ කළ වැටලීමකදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස අත්අඩංගුවට පත් වූ සැකකරු 51 හැවිරිදි, හමුදාවෙන් පළා ආ අයෙකි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්