සපුගස්කන්ද තෙල් පිරිපහදුව අගෝස්තු 15 වැනි සඳුදා යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සදහන් කරයි.

ඒ අනුව අගෝස්තු 13 වන සෙනසුරාදා කොළඹ වරායට බොරතෙල් නැවක් පැමිණීමට අපේක්ෂා කරන බැවින් තෙල් පිරිපහදුව යළි මෙහෙයුම් ආරම්භ කරන බව ඔහු පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

ඉන් අනතුරුව අගෝස්තු 19 සිකුරාදා සිට අඛණ්ඩව ධීවර ඇතුළු ක්ෂේත්‍ර සඳහා භූමිතෙල් බෙදා හැරීමට කටයුතු කරන බව කියා සිටි ඔහු පෙන්වා දුන්නේ භූමිතෙල් මිල සංශෝධනයක් කෙරෙහිද රජයේ අවධානය යොමුව තිබෙන බවයි.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අත්හිටුවීම හේතුවෙන් භූමිතෙල් සැපයීම ඇනහිට ඇති අතර ඒ අනුව සති 4ක භූමිතෙල් සැපයුම නතර වී ඇත.

කෙසේ වෙතත්, ධීවර හා වරාය ක්ෂේත්‍ර සඳහා සීමිත භූමිතෙල් තොගයක් සැපයූ බවද ඔහු පවසයි.

මෙම සති අන්තයේ බොරතෙල් නැවක් පැමිණීමට අපේක්ෂා කරන බවත් දෙවන යාත්‍රාව අගෝස්තු 29 වනදා පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්