නවගමුව පොලිස් ස්ථානය තුළ සිදු වූ පිහි ඇනුමකින් 52 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇත.

පැමිණිල්ලක් විභාග කරන අවස්ථාවේදී සිදුවූ මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ කරවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

රනාල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතා පැවැත්වූවා යැයි චෝදනාව මත පුද්ගලයන් දෙදෙනෙකු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලිස් ස්ථානයට කැඳවා ඇති අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකු විසින් අනෙක් පුද්ගලයාට පිහියෙන් ඇණ ඝාතනය කර තිබේ .

ඝාතනය සිදු කළ 42 හැවිරිදි සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්