හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටින් පිටවීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

 

එහිදී සේද මාවත මගී නිෂ්කාශන පර්යන්තයේ  ආගමන හා විගමන නිලධාරීන් රාජකාරිවලින් ඉවත් වී ඇති අතර පසුව බැසිල් රාජපක්ෂ ආපසු හැරී ඇති බව ගුවන්තොටුපොළ මාධ්‍ය වාර්තාකරු සදහන් කරයි.

ප්රභූ පර්යන්තය හරහා ඔහු පිටවීමට උත්සහා දැරුවද ආගමන විගමන නිලධාරින් ඊට අවසර ලබා නොදී සාමාන්ය ලෙස මගි පර්යන්තය භාවිතා කරන ලෙස දන්වා ඇති බවත් වාර්තා වේ.

එහි සිටි මගීන්ගේ විරෝධය හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පරීක්ෂා කිරීම ද නිලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්