කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ගත වූ ජුනි මාසයේ උද්ධමනය 54.6% ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ශ්‍රි ලංකා මහ බැංකු සදහන් කළේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මෙලෙස ජුනි මාසය තුළ 50% ඉක්මවා උද්ධමනය ඉහළ යාමට හේතුවී ඇති බවයි.

ඊට අමතරව වාර්ෂික සාමාන්‍ය උද්ධමනය මෙම වසරේ මැයි මාසයේ පැවති 14.2% අගය ජුනි මාසය අවසන් වන විට 18.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ආහාර මිල ගණන් ද එම මාසය තුළ 80%කින් ඉහළගොස් ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම 42.4% ක් බවයි.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යාම මේ සඳහා ප්‍රධාන බලපෑමක් සිදු කර ඇති අතර සහල්, මිරිස්, ධාන්‍ය වර්ග ඇතුළු අනෙකුත් අහාර මිල ගණන් ඉහළ යාමද මීට හේතු වී තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්