
චීනය, ඉන්දියාව සහ ජපානය සහභාගීත්වයෙන් ආධාර සමුළුවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ මහත අද ඒ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.
එමෙන්ම, ඉන්දීය රජයේ උසස් නිලධාරීන් තිදෙනෙක් හෙට (23) මෙරටට පැමිණීමට නියමිත බවත් ඔවුන් පැමිණෙන්නේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි අනෙකුත් සහාය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට බවත් වික්‍රමසිංහ මහතා පැවසුවා.
එසේම අමෙරිකානු භාණ්ඩාගාරයේ නිලධාරීන් පිරිසක් ද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතයි.