
ජපානයේ භාවිතා කරන ජල චිකිත්සක ක්‍රමය හරියටම ඉගෙන ගෙන මේ ප්‍රතිඵල අත් විඳින්න
#japan water therapy
ජලය පානය කිරිම සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට බොහොම වැදගත් දෙයක් කියලා අපේ යාලුවෝ දැනටමත් දන්නවා. නමුත් නිවැරදියි ආකාරයෙන් ජලය පානය කරන විදිය දන්නේ බොහෝම සුළු ප්‍රමාණයේ ප්‍රමාණයක්. ඒ නිසාම අපි හිතුවා අපේ ලිපියකින් ජපානයේ භාවිතා වන ජල චිකිත්සක ක්‍රමය ඔයාලට කියලා දෙන්න. ඒ වගේම එම ක්‍රමයෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලත් ඔයාලට අද දැනගන්න පුළුවන්.
ජපන් කාන්තාවන් අසියානු කාන්තාවන් අතරින් ගත් විට බොහොම පියකරුයි. ඒකට ඔවුන්ටම ආවෙණික රහසක් තියෙනවා. නිකැළැල්, පෝසිලේන් වගේ සමක් වගේම සිහින් හැඩකාර සිරුරක් ලබා ගන්න මේ රහස යොදාගන්නවා. ඒ ගැන මදක් සොයා බැලූ විට දැන ගන්න ලැබුණේ ඔවුන් සෑම උදෑසනකම චාරිත්‍රයක් ලෙස අවදි වූ වහාම හිස් බඩ ජලය පානය කරන බවයි. ඒ වගේම ඔවුන් උදෑසනම ස්නානය කරනවා.
බොහෝ අධ්‍යයනවලට අනුව, මෙම සරල ජලය පානය කරන පුරුද්දෙන් නොයෙකුත් රෝගාබාධවලට ධනාත්මක ප්‍රතිඵල ලැබෙනවා. මෙහි දී කතා කරන්නේ එයින් ලැබෙන ප්‍රතිඵල ගැනයි.
- වඩාත් නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න බවක් දැනෙන්නට පටන් ගැනීම.
උදෑසන අවදි වූ වහාම ජලය පානය කිරීමට පටන්ගෙන දවස් කිහිපයකට පසුව සැහැල්ලු බවක් දැනෙන්න පටන් ගන්නවා. ශරීරය වඩාත් පහසුවෙන් විෂබීජහරණය වන බව දැනෙනවා.
- පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු වීම
මෙමඟින් ආහාර වේල වඩාත් හොඳින් දරා සිටිනවා. වෙනදා සෑම පැයකටම වතාවක් කරදරයක් වී තිබුණු බඩගින්න දැනෙන්නේ නැහැ. ප්‍රධාන ආහාර වේල් අතරමැදින් වෙනත් සුළු ආහාර ගැනීමේ අවශ්‍යතාවය නැති වෙනවා වගේම වැඩි ශක්තියක් ලැබෙනවා.
- ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වීම.
අඩු බඩගින්නක් දැනෙනවා වගේම, ආහාර ජීර්ණය මන්දගාමී හා බර වීම නතර වෙනවා. වැඩි ශක්තියක් තිබීම නිසා වැඩිපුර ව්‍යායාම කිරීමට පුළුවන් වෙනවා.
- පපුව පිච්චෙනවා මෙන් දැනෙන අජීර්ණ නැතිවීම
හැම වෙලේම අජීර්ණය සහ අම්ල ප්‍රතිවාහයෙන් එනම් පපුව පිච්චෙනවා මෙන් දැනෙන ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පීඩා විදිනවා නම්, මේ ක්‍රමයට ජලය පානය කිරීමට පටන් ගත් පසු, මෙම ගැටළුව නැති වෙනවා. ඒ වගේම සෑම ආහාර වේලකටම පසුව වෙනදා දැනුණු අපහසු බව දැනෙන්නේ නැති වෙයි.
- සමේ පෙනුම වැඩි දියුණු වීම
ඇත්තම කිව්වොත් මිනිස්සු බොහෝමයකගේ පෙනුම වයසට වඩා වැඩිමහළු බවක් පෙනෙන්න තියනවා . මේ ජල චිකිත්සා ක්‍රමය පටන් ගත්ත දිනයේ සිට මුහුණේ රැළි ගතිය අඩු වී නිරෝගී, කාන්තිමත් හා දීප්තිමත් සමක් ලැබෙනවා.
- කොණ්ඩයට වඩා හොඳ පෙනුමක් ලැබීම.
කාන්තාවන් ගොඩාක් වෙලාවට තමන්ගේ කොණ්ඩය පිළිබඳව සැළකිලිමත් වෙනවා. නමුත් කොන්ඩයට කොතරම් වියදම් කර ප්‍රථිලාර කලත් එයින් හොද ප්‍රථිපල ලැබෙන්නේ නෑ. ඒ එක එක්කනාගේ සෞඛ්‍ය මට්ටම වෙනස් නිසා. ඉතින් මේ ජල චිකිස්සා ක්‍රමය ඕනම කෙනෙකුට සුදුසු වෙනවා. ජලය පානය කිරීම මඟින් සෞඛ්‍ය සම්පන්න හිසකෙස් වර්ධනයට පමණක් නෙවෙයි ඇදහිය නොහැකි තරම් දිලිසෙන පෙනුමකුත් ලැබෙනවා.
- මුත්‍රා ආසාදන ඇතිවීම වළක්වනවා
වෙනත් කිසිඳු ප්‍රතිජීවක ඔසුවකට සුව කළ නොහැකි ආකාරයට මේ ජල චිකිත්සක ප්‍රතිකාරය පීඩාකාරී දැවෙන සංවේදනයන්ගෙන් නැති කර මෙම ගැටළුව සාර්ථකව විසඳනවා.
- දිගු කලක් අසනීප නොවී නීරෝගීව සිටිය හැක.
සැබවින්ම මේ සරල පුරුද්දෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරගන්න පුළුවන්. මෙමඟින් ඖෂධ ලබා නොගෙන රෝග විශාල ප්‍රමාණයක් වලක්වා ගැනීමේ හැකියාව පවතිනවා.
උදෑසන අවදි වූ වහාම වතුර බීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ආකාරය
දවස පුරාම ශක්තිමත්ව සිටීමට මෙම ක්‍රමවේදය අනුගමනය කරන්න:
- අවදි වූ වහාම, දත් මදින්න කලින් සහ හිස් බඩ වතුර වීදුරු හතරක් බොන්න. වීදුරු හතරක් බීමට අසීරු නම්, එකකින් පටන්ගෙන ක්‍රමයෙන් ප්‍රමාණය වැඩි කරන්න.
- ඉන් පසු එළඹෙන විනාඩි 45 කිසිම දෙයක් කන්න එපා.
- ඉන්පසු සාමාන්‍ය පරිදි ආහාර ගන්න.
- උදේ ආහාරය, දිවා ආහාරය සහ රාත්‍රී ආහාරයෙන් පසු පැය 2 ක් කිසිවක් කන්න බොන්න එපා.
මෙමඟින් ප්‍රතිඵල අපේක්ෂා කළ හැක්කේ කවදාද?
- දියවැඩියාව හෝ අධි රුධිර පීඩන රෝගීන්: දින 30ක්.
- මල බද්ධය හා ගැස්ට්‍රයිටිස් රෝගීන්: දින 10ක්.
- ක්ෂය රෝගීන්: දින 90ක්.