
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ “යුනිට් – 02” කොටස අලුත්වැඩියා කටයුතු හේතුවෙන් දින 80ක කාලයක් සඳහා අද (17) මධ්‍යම රාත්‍රී සිට අක්‍රීය කිරීමට කටයුතු කරන බව වාර්තා වෙනවා.
ඒ අනුව, ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ පිළිබඳව කරුණු පැහැදිළි කිරීමක් සිදුකළා.
එහිදි අමාත්‍යවරයා පවසා සිටියේ වසර 02ක් තිස්සේ ප්‍රමාද වූ නඩත්තු කටයුත්තක් සඳහා බලාගාරය මෙලෙස අක්‍රීය කරනු ලබන බවයි.
මෙරට විදුලිබල පද්ධතියේ විදුලියෙන් 45%ක් පමණ ප්‍රමාණයක් ගල් අඟුරු මඟින් ජනනය කරන බවත්, අඩුවන ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් ජල විදුලියෙන් සහ ඉන්ධන මඟින් ජනනය කරගත හැකි වනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.
කෙසේ වෙතත් මේ වන විට දැවි තෙල් සහ ඩීසල් ලැබිමේ අඩුවක් පවතින බවත්, විදුලි කප්පාදුව පැය 03යි විනාඩි 20ක කාලයකින්වත් පවත්වාගෙන යාමට උත්සාහ කරන බවත් කංවන විජේසේකර අමාත්‍යවරයා පවසා සිටියා.
දැනට විදුලි කප්පාදුව පැය 02යි විනාඩි 15ක කාලයක් ක්‍රියාත්මක වනවා.