
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමග දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අග්රාමාත්ය මාධ්ය ඒකකය නිවේදනය කළේ, රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වා ඇති බවයි.
IMF කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්රී ලංකාවට පැමිණෙන ලෙසත් එවිට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීමට හැකි බවත් අග්රාමාත්යවරයා එහිදි පවසා තිබෙනවා.
ශ්රී ලංකාව සහ IMF කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අවසන් කිරීම මත මූල්ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව අග්රාමාත්යවරයා පැහැදිලි කර ඇත.
මෙම දුෂ්කර කාලවල දී ශ්රී ලංකාවට සහායවීමට IMF කළමනාකාර අධ්යක්ෂවරිය කැමැත්ත පළ කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.