
දෙහිවල සත්වෝද්‍යානයේ දී මීට තෙමසකට පෙර උපන් බෙංගාල ව්යාඝ්ර පැටවුන් තිදෙනා මහජනතාවට දැක බලාගැනීම සඳහා අවස්ථාව ඊයේ (2) සිට උදා කර තිබේ.
චීන සත්වෝද්‍යානයේ සිට 2008 වසරේදී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනා ‘රොබින්’ නැමති බෙංගාල ව්‍යාඝ්‍රයාට සහ ‘කෙල්ල’ නැමති ව්යාඝ්ර ධේනුවට දාව මෙම පැටවුන් උපත ලබා ඇත්තේ ඉකුත් මාර්තු 5 වැනිදාය.
මෙම තිදෙනාම පිරිමි පැටවුන් වන අතර ඔවුන්ගේ උපතින් පසු සත්වෝද්‍යානයේ සිටින බෙංගාල ව්‍යාඝ්‍රයන් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පැටවුන්ට නම් තැබීමට පාසල් දරුවන්ට අවස්ථාව ලබාදී ඇති අතර, ඔවුන්ට නම් තැබීමට කැමති දරුවන්ට මෙම මස 10 වැනිදාට පෙර දෙහිවල සත්වෝද්‍යානය වෙත තැපැල් මගින් හෝ zoosl@slt.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ නම් ලබාදිය හැක.