ඊයේ (06) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය සිය අප්‍රසාදය පළ කර තිබේ.

මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත ඕනෑම පුරවැසියෙකුට භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතින බවය.

හදිසි නීතිය පැනවීම මගින් ජනතාවගේ මුලික අයිතීන් උල්ලංඝණය වන බව නීතිඥ සංගමය පෙන්වාදෙයි.

මෙවන් අවස්ථාවක හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතු බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, ජනතාවට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ (06) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි  හදිසි නීතිය ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්