‘අපි ගොඩක් සතුටින් හිටිය පවුලක්. මගේ මහත්තයා සුධීර මටයි, දරුවන් දෙන්නටයි පුදුම ආදරේකින් හිටියේ. ඒත් නොහිතපු විදිහට එයාට මාව රුස්සන්නේ නැතුව ගියා. මම පුදුම වුණා හොඳට හිටිය මගේ මහත්තයාට මොකද එක පාරම වුනේ කියලා.’ මේ අපේ කතාවේ කතා නායිකාව ශානිකා ඇගේ ජිවිතයේ අදුරු පරිච්ජෙදයක මතක සටහන් අප සමග බෙදා ගැනීම ඇරඹුවේ මේ අයුරින්.

ඉතින් පස්සේ මොකද වූණේ.. අපි ඇයගේ කතාවට නැවත ඇහුම්කන් දුන්නා..

‘ මගේ මහත්තයා වැඩ කලේ පෞද්ගලික ආයතනයක. ඉතින් ඔහොම ටික දවසක් ගියා. වෙනදාට දවල් කෑම එක අරන් යන කෙනා පස්සේ පස්සේ කෑම එක ගන්නවත් හිටියේ නැහැ. උදේම ගෙදරින් යන්න පිටත්වෙනවා. ඒ වගේමයි පොඩි දේකටත් මටයි දරුවන්ටයි කෑගහන්න පටන් ගත්තා. මට ටික ටික මහත්තයාගේ වෙනස්කමක් තේරුණා. ඒ උනත් මම මොනා කරන්නද කියලා හිතා ගන්න බැරිව හිටියේ.

සමහර දවස්වලට වැඩ කියලා ගෙදර එන්නේ නැතුව ඉන්න ගත්තා. මම ඒ ගැන ඇහුවම මට කෑගැහුවා. මම පස්සේ හොයන්න ගත්තා මහත්තයාගේ වෙනස්කමට හේතුව. මගේ ප්‍රශ්නය ගෙදර නැදෑයින්ට කියන්න විදිහක් තිබුනේ නැහැ. මම මගේ යාළුවන්ට කිව්වා. ඒ අය මාව එක එක ගුරුකම් කරන අය ලඟට එක්කන් ගියා. බොරු කියන්නේ මොකද මම මගේ රත්තරන් බඩුත් උකස් කළා.’

ශානිකා ගේ ඇස්වල තිබුනේ මහ අසරණකමක්… ඇයටත් හොරා ඇයගේ හිතේ තිබුණු දුක සුසුමක් විදිහට මුවින් පිට වුණා.

‘ ඉතින් ශානිකා මොකද වුනේ අන්තිමටම..?’ අපි ඇගේ නොකී කතාවට හු මිටි තිබ්බා.

‘ මම ගොඩක් තැන් වලට ගියා… බොරුවට සල්ලි වියදම් වුනා විතරයි. මට ලැබුණු සහනයක් නම් නැහැ. මම අන්තිමටම වැටිලා හිටියේ. මහත්තයා ගොඩක් දවස්වලට ගෙදර එන්නේ නැහැ. මට ආරංචි උනා එයා සම්බන්ධකමක් තියෙනවා කියලා වෙන කෙනෙක් එක්ක. එයා ඒ තරම් හොද කෙනෙක් නෙමෙයි කියලත් දැන ගන්න ලැබුණා. ඔහොම ඉන්න කොට තමයි මගේ පරණ යාලුවෙක් මාව හොයාගෙන ගෙදර ආවේ. ඇවිත් මේ තැන ගැන කිව්වේ. ඒත් මට යන්න තරම් හිතක් තිබුනේ නැහැ. ඒත් අන්තිම අවස්ථාවේත් උත්සහ කරනවා කියලා හිතාගෙන මම එතනට ගියා.’

ඉතින් … මොකද වුනේ ?

‘ මගේ යාලුවා මාව එක්කන් ගියේ දෙමටගොඩ පැත්තේ ඉන්න සාමි කෙනෙක් ලඟට. මම ගියා සාමි හම්බ වෙන්න. මගේ ජිවිතේ වෙච්ච හැමදේම එයා බලන් හිටියා වගේ කිව්වා. මට අතටම පුදුම වුනා. අන්තිමේදී එයා මට උදව් කළා. අද මගේ මහත්තයා මාත් එක්ක, මගේ ළමයි එක්ක වෙනදට වඩා හොදින් ඉන්නවා. ඇත්තට මම අද ඒ ගැන පිදුම වෙනවා.’

ශානිකාට උදව් කල දෙමටගොඩ සාමි කවුද ?

“නොපෙනෙන ඇත්තෝ ” . අදෘශ්‍යමාන බලවේගයන් ගැන සොයා යන ගවේෂණාත්මක වැඩසටහනක් වන මෙයට  සහභාගි වන සියලු දෙනා සත්‍ය අත්දැකිම් වලට මුහුන දුන් අයයි.

(සිදුවීම් වලට මුහුණ දුන් අය සමාජයේ විවිධ තරා තිරම් වල වෙසෙන පුද්ගලයින් බැවින් ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම පිණිස යොදා ගනු ලබන නම් / ගම් මනංකල්පිත බව සලකන්න.)

මෙන්න බලන්න තවත් පුවත්