
ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
ඊට අදාළ ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බවයි එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ,
මේ අතර ජනතාව අපහසුවට පත් නොවන ආකාරයෙන් ඉදිරි මාස 03 සදහා විදුලි බලය කළමණාකරණය කිරීමට නිසි ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
“ශ්‍රී ලංකාව ඛාණ්ඩ හතරකට බෙදලා A,B,C,D කියලා සම්ප්‍රදානුකූලව මේක කරන්න හදන්නේ. අපි ඒකට කැමති වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒකෙන් මහජනතාව ගොඩක් අපහසුතාවය පත්වෙනවා. අපි හදන්නේ ධාරිතාවය සහ අපිට තිබෙන සම්පත් ඉල්ලුම සැපයුම මත පදනම් වෙලා ඒ අනුව ක්‍රමවේදයකට යන්න. ඒ කින්නේ අපිට ජනනය කරන්න හැකියාව තියෙන්නේ මෙගා වොඩ් 2,000ක් හෝ 2,200ක් වැනි ගාණක් නම් අපිට තියෙන තෙල් ප්‍රමාණය ඒ අනුව තීරණය කරනවා මේ ක්‍රමවේදය වෙන්නේ කොහොමද කියලා. ගිය සැරේ ව්‍යාපාරික ස්ථානවලට අපි විදුලිය සපයලා තිබුණා. පොදු සේවාවක් කරන ස්ථානවලටත් අපි විදුලි කප්පාදුවක් කළේ නෑ. මේ පාර බලාපොරොත්තු වෙනවා පුද්ගලික ව්‍යාපාර ස්ථානවලට තමන්ගේ ජෙනරේටර්ස් පාවිච්චි කරලා ඒ කාර්යයන් කරගෙන යාමට අවස්ථාව ලබාදෙමින් මහජනතාවට අඩුම හිරිහැරයක් සිදුවන ආකාරයට ධාරිතාවය මත පදනම් වෙවින් මෙය ක්‍රියාත්මක කරන්න.”