
නීලා වික්‍රමසිංහ කියලා කියන්නේ සංගීත ක්ෂේත්රය තුළ මහගු මෙහෙවරක් සිදුකරන ලද ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පිනියක්. ඇය ගායනා කරන ලද ගීතයන් අදටත් රසික රසිකාවියන්ගෙන් සවන් පිනවනවා. ඒ නිසාම තමයි ඇයට මේ තරම් රසික ආදරයක් හිමි වී තිබෙන්නේ. හින්දුස්ථානි රාගධාරී සංගීතයෙන් පෝෂණය වී බටහිර නාද රටා වලට පවා හඬ සාධාරණත්වය ඉටු කළ මෙරට ගායිකාවන් අතර ගායනය හදවත දැහැන් ගත කල ප්‍රමුඛතම ගායිකාව වන්නේ ඇයයි. විරහවට පවා ලාලිත්යක් එක් කරමින් භාව ප්රකාශනාත්මක ගීත ගායනයෙහි අපූරු නාද රටාවන් එක් කරන ඇය සැබවින්ම සංගීත ක්ෂේත්රය තුළ බැබළුණු තාරකාවක්.
ඇයගේ පවුලේ ඇයට සිටින්නේ එක් සොයුරියක් පමණයි. ඇගේ අද්විතීය කටහඬ ඇයට උරුම වී ඇත්තේ ඇයගේ දෙමාපිය ආභාෂයෙන්. ඇයගේ පියාට ඉතාමත්ම මිහිරි ලෙස ගීත ගායනයටත් තාත්වික ලෙස රංගනයේ යෙදීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඇගේ ජීවිතය අප කවුරුත් නොදන්නා කතාවක් තිබෙනවා ඒ ඇය ඉපදී මාස හයකින් පසුව ඇයට පෝලියෝ රෝගය වැළඳීමයි. ඇයගේ මවගේ මහත් වූ ප්රයත්නය හේතුවෙන් නැවතත් යථා යතා තත්වයට පත්වන ඇය ගීත ගායනයට යොමු වන්නේ කුඩා කල පටන්මයි.
ඒ වගේම තමයි ඇය පසුගිය වසරේ දී ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස පත්කර තිබෙනවා. පසුගිය මැතිවරණ සමයේ නිදහස් කලා සන්ධානය වෙනුවෙන් ප්රමුඛ පෙළේ කාර්යභාරයක් සිදු කළ ඇයට කෘතවේදීත්වය පළකිරීමක් ලෙස මෙම තනතුර ලැබී තිබෙන්නෙ.
මාස්ටර් සර් , රන්ටිකිරි සිනා ,වියෝ ගී ගැයෙනා , දවසක් දා රෑ වසන්ත සැනකෙලියේ වැනි ජනප්‍රිය ගීත ගායනා කළ නීලා වික්‍රමසිංහ කොළඹ විශාඛා විද්‍යාලයේ හිටපු සංගීත ගුරුවරිය විය. හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් සිය දිවි සැරිය නිම කිරීමට සිදුවූ මේ ආදරණීය කලාකාරිනිය මිය යන විට 74 වියේ පසු වුණා. දින දෙකක් ඇතුළත දේහය ලංකාවට ගෙන්වන බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. රටම හඬවමින් සිය දිවි ගමනට සමු දුන් නීලා වික්‍රමසිංහ මහත්මියට නිර්වාණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම අපගේ සාතිශය සංවේගය පළ කරනවා.