රූපවාහිනී ටෙලි නාට්‍යවල පෙනී සිටීම තලේබාන් සංවිධානය විසින් ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන්ට තහනම් කර තිබෙනවා.

එමෙන්ම ජනමාධ්‍යවේදිනියන් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියන්ද රූපවාහිනී තිරයේ පෙනී සිටිමේදී හිස ආවරණය කරගෙන සිටිය යුතු බවටයි තලේබාන් සංවිධානය නියම කර ඇත්තේ.

ඔවුන් විසින් ඇෆ්ඝන් රූපවාහිනී නාලිකා වෙත ඊයේ දිනයේදී යොමු කර ඇති කරුණු 08 කින් සමන්විත රෙගුලාසි මාලාවේ මෙය දක්වා තිබෙනවා.

ශරියා නීති පද්ධතියට පටහැනි කිසිඳු චිත්‍රපට රූගත කිරීමකටද මේ යටතේ අවසර හිමිවන්නේ නැහැ.

විදේශ සංස්කෘතීන් ප්‍රවර්ධනය කෙරෙන චිත්‍රපට මෙන්ම ඉස්ලාම් ආගමට නිගරු වන විකට වැඩසටහන් විකාශයද මුලුමනින්ම තහනම් වනු ඇති.

මෙන්න බලන්න තවත් පුවත්